අම්පාර සද්ධාතිස්ස මහ විදුහලේ නිවාසන්තර ක්‍රීඩා උත්සවයේ අත්පන්දු ක්‍රීඩා තරග පැවත්වෙන අවස්ථාවේදී එම විදුහලේ සිංහල භාෂාව උගන්වන ගුරුවරයෙකු වන පී.වී. සුනිල් මහතා හදිසියේම අසනීප වී අම්පාර මහ රොහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
විදුහලේ ‘නිල්වලා’ නිවාසයේ ක්‍රීඩකයන්ට උපදෙස් දෙමින් සිටින විට හදිසියේ ඇති වූ පපුවේ ආබාධායක් හේතුවෙන් විදුහල්පති ශාන්ත කුමාර මහතා විසින් එම අවස්ථාවේම මෙම ගුරුවරයා අම්පාර රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.
අම්පාර මහ රෝහලේ ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් ඔහුගේ ජීවිතය බේරාගැනීමට ප්‍රබල උත්සහයක් දැරුවද ඔහු මියගොස් ඇත.