ව්‍යවස්ථා දායක සභාවට සිවිල් සාමාජිකයන් පත්කිරීමක් මෙම පාර්ලිමේන්තුවේදී නොකරන බවද අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
සිවිල් සාමාජිකයන් පත්කිරීමකින් තොරව දැනට පත්කර ඇති සාමාජිකයන් හත්දෙනෙකුගෙන් සමන්විත කමිටුව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඒ අනුව සාමාජිකයන් හත්දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව වහාම රැස්වී අදාළ කොමිෂන් සභා පත්කිරීමට කටයුතු කළ හැකි බවද හෙතෙම කීවේය.