නඩු කටයුතුවලදී සිදුවන ප්‍රමාදයන් මගහරවා ගැනීම සඳහා පූර්ව නඩු විභාග කාර්ය පටිපාටින් හඳුන්වාදීමට හැකි අයුරින් සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
නඩු කටයුතුවලදී සිදුවන අධික ප්‍රමාදයන් අධිකරණ පද්ධතිය පිළිබඳ සාමාන්‍ය ජනතාව තුළ වන විශ්වාසය බිඳවැටීමට හේතුවක් වී ඇති නිසාත්, එම ප්‍රමාද හේතුවෙන් බරපතළ ආර්ථික ගැටලුවලට ලක්වීමට මහජනතාවට සිදු වී ඇති නිසාත්, සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය සඳහා යෝජනා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
ඒ අනුව පූර්ව නඩු විභාග කාර්යපටිපාටීන් (Pre- Trial Procedures) හඳුන්වාදීමට හැකිවන අයුරින් සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධන කෙටුම්පත් සැකසීමට ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (08දා) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේදී සඳහන් කළේය.