සිවිල් ආරක්ෂකයන්ට ස්ථිරපත්විම් ලබා දුන්නේ පසුගිය ආණ්ඩු සමයේදී බව හිටපු අධ්යක්ෂ ජනරාල්වරයා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළත්, සිවිල් ආරක්ෂක සාමාජිකයන්ට ස්ථිර ලෙසම ස්ථිර පත්වීම් ලබාදුන්නේ මේ වසරේ මැයි 31 වැනිදා බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ පසුගිය ආණ්ඩුව විසින් ආරක්ෂක සාමාජිකයන්ට 2014.11.23 දින වලංගු නොවන පත්වීම් ලිපියක් නිකුත් කර තිබූ බවය.
මෙම ලිපිය අවලංගු කර රාජ්‍ය සේවා කොමිෂන් සභාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, වැටුප් කොමිසම කළමනාකරණ දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය එක්ව නිවැරදි පත්වීම් ලිපි සකස් කළ බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.
එලෙස නිවැරදි ලෙස සකස් කළ පත්වීම් ලිපි මැයි මස 31 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී ලබාදුන් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ නිසා 39,600 ක්වූ සිවිල්ආරක්ෂක සාමාජිකයන් විශ්‍රාම වැටුපක්, නිවාඩු ක්‍රමයක්, උසස්වීම් ක්‍රමයක් සහිත රාජ්‍ය නිලධාරීන් බවට පත්වූ බවත්, මෙය නව රජයේ දින සියය වැඩපිළිවෙල අනුව ක්‍රියාත්මක වූවක් බවද එමගින් පෙන්වා දී තිබේ.