සිරියාවේ ISIS වෙත ප්‍රංශයේ ප්‍රථම ගුවන් ප්‍රහාරය දියත් වේ
සිරියාවේ IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් ඉලක්ක කරමින් ප්‍රංශය සිය ප්‍රථම ගුවන් ප්‍රහාරය එල්ල කර තිබේ.
ප්‍රංශ ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව ප්‍රංශ ප්‍රහාරක යානා පසුගිය සති දෙකක කාලය පුරා හඳුනාගත් ඉලක්ක වෙත මෙම පහර දීම සිදුකර ඇත.
ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ ප්‍රහාරක යානා විසින් සිරියාවේ සහ ඉරාකයේ ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් වෙත පසුගිය වසරක කාලය පුරා ප්‍රහාර දියත් කරමින් සිටියි.
බ්‍රිතාන්‍ය මෙන්ම ප්රංශයද මීට පෙර ඉරාක ගුවන් සීමාවේ සිට ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර දියත් කළේය.
මේ අතර, බ්‍රිතාන්‍ය විසින් සිරියානු ගුවනේ සිට ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් සමග එකතුව සිටින බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු ඉලක්ක කරමින් මෑතකදී ගුවන් ප්‍රහාරයක් දියත් කළද, ඔවුන් මෙතෙක් මිනිසුන් සහිත ප්‍රහාරක යානා යොදාගනිමින් සිරියානු ගුවනේ ප්‍රහාර දියත් කර නැත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
