විකල්ප බලශක්ති ක්‍රම හඳුන්වාදීමේ නව රජයේ වැඩපිළිවෙළ යටතේ එක්සත් ජාතික පක්ෂය විසින් අද (04දා) ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය වන සිරිකොත මූලස්ථානයට සූර්ය බල විදුලි උත්පාදන ක්‍රමය හඳුන්වා දෙනු ලැබිණි.
මේ අනුව අද සිට සිරිකොත මූලස්ථානයට අවශ්‍ය විදුලි බලය සැපයුම සූර්ය බලශක්ති ක්‍රමය මගින් ලබාගැනීම සිදුවේ.
මෙම අවස්ථාවට සහභාගි වූ විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී.පෙරේරා මහතා සඳහන් කළේ, පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස ඉතාමත් ලාභදායී විදුලි උත්පාදන ක්‍රමය වන්නේ සූර්ය බලශක්තිය බවයි.