සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට ඊයේ (24දා) එල්ල වූ ප්‍රහාරයට තමාගේ සම්බන්ධයක් නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
ජාතික සංවිධාන එකමුතුව විසින් සංවිධානය කළ උද්ඝෝෂණයට එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මුජිමර් රහුමාන් මහතා ඇතුළු පිරිසක් පහරදී තිබුණු බව වීරවංශ මහතා කීය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජාතික සංවිධාන එකමුතුව තමන්ගේ පක්ෂයට සම්බන්ධ එකක් නොවන බවත්, ඔවුන්ගේ කාර්යයන්වලට සහභාගීවන්නැයි කරන ආරාධනාවලට පමණක් තමන් සහභාගී වන බවත්ය.