නත්තල් උත්සවය නිමිත්තෙන් සිරකරුවන් පන්සිය හැත්තෑ දෙදෙනෙකුට අද (25) දිනයේ නිදහස ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව සුළු වැරදි සහ දඩ ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගතව සිටි පිරිසකට මෙලෙස නිදහස හිමිව ඇති අතර පිරිමි 556 ක් සහ කාන්තාවන් 16 දෙනෙකු නිදහස ලැබුවන් අතර වේ.