අති උත්තම ශුද්ධෝත්තම පළමුවැනි ෆ්රැන්සිස් පාප් වහන්සේගේ ශ්රී ලංකා සම්ප්රාප්තිය හා මෛත්රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති පදවි ප්රාප්තිය නිමිත්තෙන් සිරකරුවන් 692 දෙනෙකුට අද (14දා) නිදහස ලබාදුන් බව බන්ධනාගාර කොමසාරිස් චන්ද්රරත්න පල්ලේගම මහතා පැවසීය.
අවුරුදු 75 ට වැඩි සිරකරුවන් සහ සුළු වැරදි සම්බන්ධයෙන් දඩ ගෙවාගත නොහැකිව සිටි සිරකරුවන් පිරිසක් මෙසේ නිදහස් කළ බව කොමසාරිස්වරයා ‘අද’ ට ප්රකාශ කළේය.