ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමයට ආධාර පිණිස වාර්ෂිකව එළිදැක්වෙන සිරකරු සැමරුම් දින කොඩියේ පළමු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැළැඳවීම අද(12දා) පෙරවරුවේ කොළඹ ජනාධිපති නිළ නිවසේදී සිදු කෙරිණ.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා සිරකරු සුබසාධක සංගමයේ අනුශාසක පූජ්‍ය තීනියාවල පාලිත හිමි, උප සභාපති පූජ්‍ය අංගුන බදුල්ලේ ඥානදස්සී හිමි, බන්ධනාගාර කොමසාරිස් ඩබ්ලිව්. ඒ. එල්. වීරසිංහ මහතා, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා ඇතුලු සුබසාධක සංගමයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.