නිදහස් දිනයේදී සිරකරුවන් දහසකට වැඩි පිරිසක් නිදහස් කල බවත්, නිදහස් කරන සිරකරුවන් තීරණය කරන්නේ හිතවත්කම මත නොව සුළු වැරදි සිරකරුවන් බවත්, නිදහස් වන සිරකරුවන් සඳහා ණය ක්‍රමයක් හඳුන්වා දීමට නියමිත බවත් බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ රැඳවියන්ගේ නිෂ්පාදන අලෙවි සැලක් හා සිරකරුවන් බැලීමට පැමිණෙන්නන් වෙනුවෙන් විවේකාගාරයක් පෙරෙයිදා (03 දා) මාතර බන්ධනාගාරයේ විවෘත කිරිමේ අවස්ථාවට සහභාගී වෙමින්ය.