2016 වර්ෂය සඳහා නියමිත පාසල් පෙළ පොත් වර්ග 410 කින් පිටපත් 44,003,100 ක් මුද්‍රණය කිරීමට රජය තීරණය කර තිබේ.
නියමිත පොත් වර්ග 410 න් වර්ග 80 කින් පිටපත් 13,210,600 ක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් සහ සීමා සහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමෙන් මුද්‍රණය කරවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ඉතිරි පෙළ පොත් වර්ග 330කින් පිටපත් 30,862,500 ක ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ මුද්‍රණායතන වලින් මුද්‍රණය කර ගැනීමටත්, ඒ සඳහා පෞද්ගලික අංශයේ මුද්‍රණායතන 19 ක් වෙත භාරදීමටත් රජය තීරණය කර තිබේ.
ලබන වර්ෂය සඳහා වූ සියලුම පෙළ පොත් මේ වර්ෂය(2015) අවසන් වීමට ප්‍රථම පාසල් වෙත බෙදාහැරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.