රටේ සංවර්ධන ඉලක්ක භෞතික සම්පත් සංවර්ධනයෙන් පමණක් ළඟාකර ගත නොහැකි බවත් සියලු භාෂා කතා කරන සියලුම ජාතීන් එක්ව කටයුතු කිරීම ජාතීන් අතර සංහිඳියාවේ අඩිතාලම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ගුණාත්මකභාවයෙන් සහ විනයකින් පිරිපුන් පුරවැසියන් රටක සංවර්ධනයේ අත්‍යවශ්‍ය සාධකයක් බවද ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ කොල්ලුපිටිය ශාන්ත අන්තෝනී බාලිකා විද්‍යාලයේ 75 වන සංවත්සර සැමරුම් උත්සවයට එක්වෙමිනි.