සමස්ථයක් ලෙස අද (10දා) දිනයේදී සියයට 60-70 අතර ඡන්ද දායකයින් ප්රමාණයක් ඡන්දය භාවිතා කර තිබෙන බව වාර්තා වෙයි.
අද දිනයේදී පැවති මැතිවරණය සාමකාමීව පැවැත්වූ බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි. මෙය මෑත කාලීනව පැවති පළාත් පාලන ආයතන මැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණයේ ඡන්දය භාවිතා කිරීමට ඡන්ද දායකයින් දැඩි උනන්දුවක් දැක්වූ බවද, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.