දෝහා සිට පැමිණි ශ්රී ලාංකිකයෙකුගේ ගමන් මල්ලේ තිබී රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් විදේශයක නිශ්පාදිත සිගරට් තොගයක් අත්අඩංගුවට ගැනීමට කටුනායක රේගුව අද අලුයම සමත්වුණා.
ඔහුගේ ගමන් මල්ලේ තිබී විදේශීය රටක නිශ්පාදිත සිගරට් 10200ක් සොයාගත් බවයි කටුනායක රේගුව පැවැසුවේ.
මෙම සිගරට් තොගය රාජසන්තක කළ අතර සැකකරුට රුපියල් 40000ක දඩයක්ද නියම කිරිමට රේගුව කටයුතු කළා.