ආගමික ප්‍රචාරයන් හරහා සිංහල හා මුස්ලිම් ජනතාව එක්කො කෙටවීමේ ව්‍යාපාරයක ඇතැම් අන්තවාදි පිරිස් යෙදී සිටින බවත් එවැනි ප්‍රකාශ මුහුණ පොත හරහා ප්‍රචාරය කරන පුද්ගයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
මන්නාරම ප්‍රදේශයේ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවැසීය. මන්නාරම සිලාවතුර, මුසලි ප්‍ර දේශයේ සිංහල ධීවර පවුල් පදිංචි කිරීම පිළිබඳව ගෙන ඇති පියවර පිළිබඳව සාකච්ඡා කිරිමට මෙම හමුව සංවිධානය කර තිබුණි.
අද (11දා) පැවැති හමුවේදී අමාත්‍යවරයා පවසා ඇත්තේ සිංහල, මුස්ලිම් හා දමිල ප්‍රජාව සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි. කිසිවෙකුට රජය අසාධාරණයක් නොකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.