සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත් වී තිබෙන ග්රන්ථ චීන භාෂාවෙන් පළ කිරීමටද, චීන භාෂාවෙන් ප්‍රකාශිත ග්රන්ථ සිංහල භාෂාවෙන් පළ කිරීමටද නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති විජිත යාපා මහතා පැවසීය.
අද (09 දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ වූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලට එක්වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.
එසේ මෙවර ප්‍රථමවතාවට චීනයෙන් හා ඉන්දියාවෙන් ප්‍රදර්ශන කුටි විශාල ප්‍රමාණයක් පොත් ප්‍රදර්ශනයට එක්වී තිබෙන බවද හෙතෙම පැවසීය.