යටිනුවර ප්රාදේශීය සභාවේ සභාපති තුසිත කුමාර වලගෙදර මහතා කඩුගන්නාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය කියයි.
පොලිසිය සඳහන් කළේ ජාතික කොඩියට සමාන සිංහ රුව සහිත කොඩියක් කඩුගන්නාව අබේසුන්දර ක්රීඩාංගණයේ පැවැති සන්ධාන රැස්වීමකට ජාතික කොඩියට සමාන සිංහ රුව සහිත කොඩි යොදාගත් බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු අද මහනුවර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.