උඩරට දුම්රිය මාර්ගයේ දිගම උමං දුම්රිය මාර්ගය පිහිටි සිංගිමලේ උමං මාර්ගය පිහිටි රක්ෂිතය කඳුමුදුනේ අද (21දා)දහවල් ගින්නක් හටගෙන තිබේ.
ප්රදේශයේ පවතින දැඩි වියළි කාලගුණයත්, දැඩි සුළං තත්ත්වයත් හමුවේ ගින්න ශීඝ්රයෙන් පැතිර යමින් පවතියි.
රක්ෂිතයේ මුදුනට දර කැඩීමට ගිය කිසියම් පිරිසක් විසින් මෙම ගින්න ඇති කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.