රුපියල් ලක්ෂ විසිහතරක් වටිනා රත්තරන් කැබලි 04 ක් තම මුදල් පසුම්බියේ සඟවාගෙන සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද (12දා) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
අත්අඩංගුවට ගනු ලැබූ රත්තරන් කැබලි හතරේ බර ග්‍රෑම් හාරසීයකි. සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ව්‍යාපාරික තරුණයෙකි. සැකකරුට රුපියල් විසිපන්දහසක දඩයක් නියමකොට එම රන් කැබලි රාජසන්තක කළේය.