සියලූ පුස්තකාලයාධිපතිවරුන්ගේ වෘත්තීය ගැටළු ඉතා ඉක්මණින් විසඳීමට පියවර ගන්නා බවත්, එමගින් ලංකාවේ සියලූ පුස්තකාල සක්‍රීයව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශකළේය.
අද (11) කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවති 2015 - ජාතික කියවීම් මාසය නිමිත්තෙන් සංවිධානය කරන ලද ජාතික මහෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේබවකීය. පුස්තකාල නව්‍යකරණයට ලක් නොකළොත් අනාගතයේ ඒවා හුදකලා විය හැකි බවත්, නිරන්තරයෙන් යාවත්කාලීන වූ තොරතුරු ලබාදෙන තොරතුරු සම්පත් මධ්‍යස්ථාන බවට සියලූ පුස්තකාල පරිවර්තනය කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේ දී සකස්කළ යුතුව පවතින බවත්, අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය. සෑම පාසලකටම ඊ- පුස්තකාලයක් ලබාදීමට ද ඉදිරියේ දී පියවර ගන්නා බවත් එමෙන් ම ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සංරක්ෂණය වන තොරතුරු සහ පැරණි ග්‍රන්ථවල තොරතුරු අවශ්‍ය අයට ප්‍රාදේශීය මට්ටමින් ලබාගත හැකි පරිදි ඒවා ඩිජිටල් කර අන්තර්ජාලයට එක් කිරීමේ ක්‍රමවේද සකස් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශකළේය.