හොර බඩු උසාවියට ඉදිරිපත් කරන්නට යද්දි අතරමගදි එහි වු උපාංගයක් මාරු කිරිමේ වරදට අදාල සිද්ධිය භාරව කටයුතු කල පොලිස් සැරයන්වරයෙකු ඊයේ ( 24) අත්අඩංගුවට ගත් බව රඹූක්කන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත් වුයේ කෑගල්ල නිල්වක්කේ පදිංචි ප්රියන්ත රාජපක්ෂ නම් වු පොලිස් සැරයන් වරයෙකි.
රඹුක්කන පොලිස් විසින් පසුගිය දිනයක අත්අඩංගුවට ගත් ජංගම ඉරුම් රථය සහ සැකකරුවෙකු පෙරේදා ( 23) දිනයේ උසාවියට ඉදිරිපත් කිරිමට රඹුක්කන පොලිසිය විසින් කටයුතු යොදා තිබුණි.
ඒ අනුව අත් අඩංගුවට පත් සියලූ දෑ උසාවියට ඉදිරිපත් කිරිමට රඹුක්කන පොලිසිය විසින් කටයුතු යොදා තිබු අතර ඒවා උසාවිය වෙත ආරක්ෂිතව රැුගෙන යාමට නිලධාරියෙකුට භාර වු අතර එය භාර වි තිබුණේ අදාල සැරයන් වරයාටය. එහිදි ඔහු අදාල නඩුභාණ්ඩ කෑගල්ල උසාවියට රැුගෙන යන අතරමගදි එහි වු යකඩ මේසය එක් ස්ථානයකින් මාරු කොට ඒ සඳහා වටිනාකමින් අඩු ලී මේසයක් පටවා රැගෙන ගොස් ඇත.
මෙ පිළිබඳව දැන ගත් රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා ඊයේ ( 24) නියෝග කර සිටියේ අදාල සැකකාර පොලිස් සැරයන්වරයා කරන ලද බරපල වරදට අත්අඩංගුවට ගන්නා ලෙසයි. ඒ අනුව ඊයේ සවස මෙම පොලිස් නිලධාරියා පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
මාවනැල්ල හෙම්මාතගම විජය බංඩාර