විදේශයන්ගෙන් වාහනඅමතර කොටස් ගෙන්වා ඒවා නීති විරෝධී ලෙස එකලස් කළ ස්ථාන පහක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.
එසේ එකලස් කළ වාහන තුනක් සහ යතුරුපැදි දොළහක් සමග කාන්තාවක්ද ගාල්ල හියාරේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩඅංගුවට ගෙන ඇත.
සැකකාර කාන්තාවගේ උපදෙස් පරිදි ජූල්ගහ, ඉමදූව, කනංකේ, වල්පොල සහ උළුවිටිකේ යන ප්‍රදේශවල වාහන එකලස් කිරීමේ ස්ථාන පවත්වාගෙන ගොස් තිබේ.
අත්අඩංගුවටපත් කාන්තාවගේ ජපානයේ පදිංචි සැමියාගේ උපදෙස් පරිදි මෙම එකලස් කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් තිබේ.
ගාල්ල රවිඳු දීයගහගේ සහ හිනිදුම රවින්ද්‍ර ශ්‍රී ලාල්