උද්ධමනය ලක්ෂ්යමය පදනම මත අගෝස්තු මාසයේ වාර්තා කළ - 0.2% සිට සැප්තැම්බර් මාසයේදීද -0.3% දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (2006/07=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්යමය පදනම මත මෙසේ සැප්තැම්බර් මාසයේදීද - 0.3% (සෘණ) අගයක් හෙවත් අවධමනයක් පෙන්වා ඇත.
මේ අතර, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2015 අගෝස්තු මාසයේ පැවති 1.0% හි සිට 2015 සැප්තැම්බර් මාසයේදී 0.7% දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බවද පෙන්වා දෙයි.