අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂය අසමත් අපේක්ෂකයන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් ව සිටින බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (25දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ඒ ආකාරයට ගණිතය අසමත් බොහෝ පිරිසක් දේශපාලන ක්ෂේත්‍ර‘යේ ප්‍රධාන තනතුරුවල සිටින බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා,
“මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස ගණිතය අසමත් කීදෙනෙක් රට භාරගැනීම සඳහා ඉදිරිපත් වී සිටිනවාද කියා අප විභාග කර බැලිය යුතුයි. හැබැයි මං එකක් දන්නවා දේශපාලන ලෝකයේ ගණිතය අසමත් වුවත් විවිධ තනතුරු දරන අය ඉන්න විත්තිය. පොළොන්නරුවේ ඉපදිලා හැදිලා වැඩිලා කටයුතු කරන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තමයි අවශ්‍යයෙන්ම ගණිතය අසමත් වෙන අයට සහනයක් වෙන විදිවිධාන යොදන්න තිබුණේ. නමුත් මේ ගණිතය අසමත් අය ගොඩගැනීම සඳහා එතුමාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ඒ ගැන කිසිවක් සඳහන් කර නැහැ. එසේම ඉතා පැහැදිලි ලෙස අධ්‍යාපනය පෞද්ගලීකරණයට අවශ්‍ය කරන යෝජනා එහි ඉදිරිපත් කර තිබෙනවා' යනුවෙන් පවසා සිටියේය.