අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන දෙසැම්බර් 09 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි.
සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 578,135 ක් සුදුසුකම් ලබා තිබෙන අතර, එයින් 370,030 ක් පාසල් අයදුම්කරුවෝ වෙති.