අලුත්ගම දර්ගා නගරයේ සිදුවු ගැටුම සිදුවුයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
පසුගිය පාලන සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාමය පිළිබඳ කතා කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාට හොරෙන් යැයිද අමාත්‍යවරයා කීවේය. එසේ වුයේ ආරක්ෂක ලේකම්ට බය ජනාධිපතිවරයකු සිටි බැවින් යැයිද හෙතෙම කීවේය.
දිනක් සාමය පිළිබඳ යම් පිරිසක් සමග මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡා කරමින් සිටින අතර, එම ස්ථානයට ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණෙන බව ආරංචි වී ගෝඨා එනවා , ගෝඨා එනවා , දැන් යන්න යැයි ඔවුන්ට රහසින් පැවසු බවද රාජිත අමාත්‍යවරයා අද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.