ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා වැඩි වශයෙන් සහභාගිවීමට අවස්ථා සහ සහාය ලබාදීමට ප්‍රංශ රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ඉන්දීය සාගර කලාප භාර ප්‍රංශ නාවික හමුදාවේ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ඩිඩියර් පියටන් මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (10දා) හමුවූ අවස්ථාවේදීය.
ගාලුකතිකාව ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණයට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි රියර් අද්මිරාල් ඩිඩියර් පියටන්මහතාට විශේෂ ස්තුතිය ප්‍රකාශ කළ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගිතාව වත්මන් රජය යටතේ වර්ධනය වී ඇති බව සඳහන් කළේය.
ත්‍රස්තවාදය පරාජය කළ මෙරට ආරක්ෂක හමුදාවන් එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා වැඩිවශයෙන් යොදාගැනීමේ වැදගත්කම පෙන්වා දුන් රුවන් විජයවර්ධන මහතා, ඒ සඳහා වන අවස්ථා වැඩිකරදෙන ලෙස ඉල්ලා සිටියේය.
ඊට යහපත් ප්‍රතිචාර දැක්වූ ඩිඩියර් පියටන් මහතා ඉදිරි කාලයේදී එම අවස්ථාව වැඩි වශයෙන් මෙරට ආරක්ෂක හමුදාවන්ට ලබාදීමට ප්‍රංශ රජයේ සහාය ලබාදෙන බව පැවසීය.