අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටි පුත්තලම ප්ර‘දේශයේ සිසුන් පිරිසක් ඊයේ (03දා) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මැතිවරණ ප්රචාරක කටයුතුවලට යොදාගෙන ඇති බවට කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර තිබේ.
ඊයේ දහවල් හෝමාගම ප්රදේශයේදී එ.ජ.නි.ස මැතිවරණ ප්රවර්ධන කටයුතුවලට සිසුන් පිරිස යොදාගෙන ඇත්තේ නැටුම් පුහුණු වැඩමුළුවක් සඳහා යැයි කියමින් කොළඹට ගෙන්වාගෙන බව කැෆේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කීය.
මුන්දලම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණ සේවා නිලධාරියා විසින් NA8530 දරන බස් රථයෙන් ඊයේ පෙරවරුවේදී මෙම සිසු පිරිස කොළඹට ගෙන්වා තිබුණු බව හෙතෙම පවසා සිටියේය.