මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට නියමිත මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා නොමැති පාසල් සිසුන් සඳහා හැඳුනුම්පත් ලබාදීමේ එක්දින විශේෂ වැඩසටහනක් බත්තරමුල්ල පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.
එළැඹෙන 25 දා පෙ.ව. 8.30 සිට පස්වරු 4.30 දක්වා මෙම වැඩසටහන පැවැත්වෙයි. ඒ සඳහා රුපියල් 1000ක ගාස්තුවක් අයකරන බවත් සිසු සිසුවියන් පැමිණීම අනවශ්‍ය බවත් රජය නිෙව්දනය කරයි.