2016 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරික්ෂණ මේ මස 21වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව එළඹෙන මාර්තු 04වැනිදා දක්වා එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවත්, ප්‍රායෝගික පරීක්ෂණ සිදුකරන ගුරුවරුන් සඳහා විශේෂ පුහුණුවක් ලබන 07වැනිදා සිට 16වැනිදා දක්වා ලබාදීමට නියමිත බවත් එම නිවේදනයේ සඳහන්වේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන් සඳහා පෙනී සිටි සිසුන් එක්ලක්ෂ හැත්තෑදහසක් පමණ මෙවර ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනීසිටින බවද එමනිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.