සා පෙළ පිළිතුරු පත්‍ර ලක්ෂ 120 ඉක්මවයි
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ප්‍රමාණය එක්කෝටි විසිලක්ෂය ඉක්මවා තිබෙන බවත්, එය විභාග ඉතිහාසයේ එක් විභාගයකදී ලැබෙන වැඩිම පිළිතුරු පත්‍ර ප්‍රමාණය බවත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17දා) දහවල් 11.30 ට අවසන් වන බවත්, සියලු විභාග අපේක්ෂකයන් ඉන්පසුව සාමකාමීව නිවෙස් වෙත යා යුතු බවත් ඔහු පවසා සිටියේය.
යම් ලෙසකින් විභාගය අවසන් වී විභාග ශාලාව තුළ හෝ ඒ අවට කලහකාරී ලෙස හැසිරුණහොත් අදාළ අපේක්ෂකයන් සියලු දෙනාගේ ප්‍රතිඵල අත්හිටුවීමට කටයුතු කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
මීට අමතරව විභාග අපේක්ෂකයන් මහාමාර්ගයේදී කළහකාරි ලෙස හැසිරුණහොත් අත්අඩංගුවට ගෙන රටේ පවතින නීතියට අනුව කටයුතු කරන ලෙසට පොලිස් මූලස්ථානයෙන් ඉල්ලා සිටි බවද ඒ මහතා පවසා සිටියේය.
පොලිස් අත්අඩංගුවට පත්වන විභාග අපේක්ෂකයන් පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙසට පොලිස් මූලස්ථානයෙන් ඉල්ලීමක් කර තිබෙන බවත්, එම අපේක්ෂකයන්ට එරෙහිවද විභාග පනතට අනුව ක්‍රියාමාර්ග ගන්නා බවත් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම දෙසැම්බර් 28 වැනිදින සිට අදියර දෙකකින් පැවැත්වෙන බවත්, ඒ සඳහා 38,100 ක පිරිසක් යොදවා ගන්නා බවත් ඔහු පවසා සිටියේය.
මේ අනුව එහි පළමු අදියර මේ මස 28 වැනිදින සිට ජනවාරි 05 වැනිදින දක්වාත්, දෙවැනි අදියර ජනවාරි 16 වැනි දින සිට 25 වැනිදින දක්වාත් පැවැත්වෙන අතර, එය උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථාන 87කදී පැවැත්වෙන බවද හෙතෙම සඳහන් කළේය.
උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා පළමු අදියරේ යොදාගන්නා පාසල් ආරම්භය ජනවාරි 06 වැනිදින ආරම්භ කරන බවත්, අනෙකුත් පාසල් ජනවාරි 04 වැනි දින ආරම්භ වීමට නියමිත බවත් ඔහු පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

