නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සහ ස්විට්සර්ලන්තයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු , එම රටවලින් පිටුවහල් කර තිබේ. ඔවුහු අද (14දා) උදෑසන යළිත් ආපසු ශ්‍රී ලංකාවට එවා තිබුණි.
මෙයින් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබේ.
මීට අමතරව තවත් ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු ස්විට්සර්ලන්තයේ සිට එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා ඇත . මෙම පිරිස සමග එම රටවලට අයත් විශාල ආරක්ෂක භට පිරිසක්ද එම ගුවන් යානාවල පැමිණ සිටියහ.
මොවුන් ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව නිදහස් කර හැරීමට නියමිත බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පැවසීය.