(UPDATE) ස්පාඤ්ඤයේ නව රජතුමා ලෙස හය වැනි ෆෙලිපේ වෙත සිය පියා වූ ජුආන් කාර්ලෝස් විසින් රජකම නිල වශයෙන් පිළිගන්වන ලදී.
එවකට ස්පාඤ්ඤයේ ඒකාධිපති නායකයෙකු වූ ජෙනරාල් ෆ්රැන්කෝගෙන් පසු රටට ප්රජාතන්ත්රවාදය ලබාදුන් පුද්ගලයා ලෙස සැලකෙන සිය රජ කිරුළ අත්හැරි ජුආන් කාර්ලෝස් මෑත කාලයේදී විවිධ දූෂණ චෝදනා හේතුවෙන් ජනතා අප්‍රසාදයට පත්ව සිටියේය.
ඊයේ මධ්‍යම රාත්රියේදී ජුආන් කාර්ලෝස් හිටපු රජු විසින් සිය පුතා වූ ෆෙලිපේ වෙත රජකම නිල වශයෙන් පිළිගැන්වීම සිදුවූ අතර, ඔහු අද දිනයේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙමින් ස්පාඤ්ඤ කිරීටයේ පාලනය සියතට ගත්තේය.
විදෙස් මාධ්‍ය පෙන්වා දුන් පරිදි මෙම රාජකීය උත්සවය බොහෝ චාම් ලෙස සංවිධානය කර තිබූ අතර, පසුගිය කාලය පුරා ස්පාඤ්ඤයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙවැනි පියවරක් ගැනීමට ඇති බව විශ්වාස කෙරෙයි.
නමුත්, ස්පාඤ්ඤයේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත වූ පසුව රාජකීය කිරුළ හුවමාරු වූ ප්‍රථම අවස්ථාව මෙය බව කියැවෙයි.
පාර්ලිමේන්තුවේදී ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට කෙරෙන පොරොන්දු සමග සිදුවන කතාවෙන් පසුව, ෆෙලිපේ රජු සහ සිය බිරිඳ වූ ලෙටීසියා රැජින සමග මැඩ්රීඩ් නගරය හරහා ජනතා හරසර මැද ගමන් කිරීමෙන් අනතුරුව රජ මැදුරේ සඳලු තලයට පැමිණ ජනතාව ඉදිරියේ පෙනී සිටියේය.