වෙළඳපොළේ සහල් හිඟය පියවීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට රජය තීරණය කර තිබේ. ඊයේ (24දා) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි මේ පිළිබඳව වැඩි අවධානයක් යොමුව තිබේ.
ඒ අනුව වි අලෙවි මණ්ඩලය සතු වී තොග තවදුරටත් සහල් බවට පත්කිරිමට අදාළව එම තොග සතොස හා පෞද්ගලික වී මෝල් හිමියන්ට නිකුත් කිරිමට රජයේ අවධානය යොමුව තිබේ.
එසේම වි අලෙවි මණ්ඩලය අලෙවි කළ වී තොග මිලදී ගෙන ඒවා සහල් බවට පත්නොකර සිටින පෞද්ගලික වී මෝල් හිමියන්ට එරෙහිව අවශ්‍ය පියවර ගැනීම සඳහා විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්ද පත්කර තිබේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලිමක් අනුව ඉන්දුනීසියානු රජය ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 10,000ක් පරිත්‍යාග කර ඇති අතර එම සහල් තොග ඉදිරි දිනවලදී ශ්‍රි ලංකාවට ළගාවිමට නියමිතය.
එසේම තවදුරටත් සහල් මිල ඉහළ අගයක පවතින්නේ නම් ඉනිදුනීසියාව, වියට්නාමය වැනි ආසන්න රටවලින් සහල් ආනයනය කර කඩිනමින් වෙළඳපොළට නිකත් කිරීමටත් රජයේ අවධානය යොමුව තිබේ.