ඉදිරියේදී ඇතිවිය හැකි වියළි කාලගුණ තත්ත්වය නිසා රට තුළ සහල් හිඟයක් ඇතිවීම වළක්වාගැනීමට හත් දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර තිබේ.
අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතිත්වයෙන් පත්කළ මෙම කමිටුව අද (03දා) පැවැති කැබිනට් හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබිණි.
මේ අනුව එම කමිටුව මගින් ඉදිරියේදී ඇති විය හැකි වියළි කාලගුණ තත්ත්වයකදී සහල් හිඟයක් ඇතිවීම වළක්වාගන්නා ආකාරය පිළිබඳ හා සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යන ආකාරය පිළිබඳ වාර්තාවක් සකස් කර කැබිනට් මණ්ඩලයට ලබාදීමට නියමිතය.