ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා සහල් ආනයනය කිරීමට ටෙන්ඩර් කැඳවා ඇතැයි ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
ටෙන්ඩර් විවෘත කිරීම හෙට (04දා) දිනයේදී සිදුවන බවත්, මේ අනුව දින 14ක් තුළ විදේශ රටවලින් සහල් ගෙන්වීමට හැකි වන බවත් ඒ මහතා පවසා සිටියේය.
සහල් ආනයනය කිරීමත් සමග ජනතාවට දරාගත හැකි මුදලකට සහල් මිලදී ගැනීමට පාලන මිලක් ඇති කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.