සහල් මිලේ විකෘති තත්ත්වයක් ඇති වුනු හේතුව
වී කිලෝවක ගැනුම් මිලට සාපේක්ෂව සහල් කිලෝවක මිල තීරණය වී නොමැති වීම නිසා සහල් මිලේ විකෘති තත්ත්වයක් ඇතිවී තිබෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
වී කිලෝවක ගැනුම් මිල රුපියල් 30 ත් 32 ත් අතර වන නමුත් සහල් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 100 ඉක්ම වූ මුදලකට බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
සහල් කිලෝවක් සකස් කිරීම සඳහා අවශ්‍ය වන්නේ වී ග්‍රෑම් එක්දහස් හයසියයක ප්‍රමාණයක් බැවින් ඒ අනුව සහල් කිලෝවක් සකස් කිරීමට වී සඳහා වැය වන්නේ රුපියල් 50කටත් අඩුවෙන් බවද පවසා සිටියේය. එසේ තිබියදී කැබලි බවට පත් වී තිබෙන සහල් (සුනු සහල්) කිලෝවක් පවා රට තුළ අලෙවි කරන්නේ රුපියල් 60ක මුදලකට බවද සඳහන් කළේය.
වී අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙමින් තිබියදී මෙම විකෘතිතාවය පවතිනවා නම් වී අස්වැන්න වෙළඳපොළට පැමිණීම නැවතී ගිය පසු සහල් මිල තව තවත් ඉහළ යා හැකි බවද ඒ මහතා පවසා සිටියේය. පවතින විකෘතිතාවය නිසා වී ගොවියාටත්, පාරිභෝගිකයාටත් දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බවද හෙතෙම කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

