ඉහළ යන මිල පාලනය කිරීමට දින 14ක් තුළ සහල්වලට පාලන මිලක් නියම කරන බවට අමාත්‍ය පී.හැරිසන් මහතා ජනතාවට පොරොන්දු වුවද මේ වනවිට එම පොරොන්දුව කඩවී ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජනතා ව්‍යාපාරය සඳහන් කරයි. ජනවාරි 04 වැනිදා මෙම පොරොන්දුව ලබාදුන් බවත්, එහෙත් අද වනවිට එම පොරොන්දුවට දින 15ක් ගත වී තිබෙන බවද එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
මේ නිසා සහල් මිල දිගින් දිගටම ඉහළ යමින් තිබෙන බවත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන සහල්වලට පාලන මිලක් නියම කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පවසා සිටියේය.