සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පෙබරවාරි 08 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්රකාශයට පත්කර තිබේ.
ඒ අනුව, සම්බා සහල් (කීරි සම්බා සහ සූදුරු සම්බා හැර) කි.ග්රෑ. 01ක් රු.80/- ක්ද, නාඩු සහල් කි.ග්රෑ.01ක් රු.72/- ක්ද, කැකුළු සහල් කි.ග්රෑ.01ක් රු.70/- ක්ද වන පරිදි උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ, 20(05) වැනි වගන්තිය යටතේ ක්රියා කරමින් කිසිම නිෂ්පාදකයෙකු, ආනයනකරුවෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්ඳෙකු විසින් ඉහත සඳහන් සහල් වර්ග එම උපරිම සිල්ලර මිලට වැඩියෙන් වෙළෙඳාම් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ප්රදර්ශනය කිරීම නොකළ යුතු බවට පාරිභෝගික අධිකාරිය නියෝග කර තිබේ.