අයහපත් කාලගුණ තත්ත්වය නිසා විපතට පත්ව සිටින පිරිස් සඳහා කඩිනමින් සහන සලසන ලෙස තමාට ජනාධිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති බවත් එම ප්‍රදේශවල තත්ත්වය නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම සඳහා සහ විපතට පත් පිරිස් සඳහා සහාය දීමට මේ වනවිටතත් හමුදා බළඇණි දෙකක් වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලගැලීම් වලින් විපතට පත් පිරිස් පිළිබඳව සොයාබැලීම වෙනුවෙන් එම ප්‍රදේශවල සිදුකරනලද නිරීක්ෂණ චාරිකාවකදී පීඩාවටපත් පිරිස හමුවේදීය.
ජනාධිපතිවරයා සහ රජය ආපදාවට පත් ප්‍රදේශ නැවත ගොඩ නැංවිමට ඉතා ඉක්මන් ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවන් කැපවී ක්‍රියාකරන බවත් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.
ධාරානිපාත වර්ෂාව හා දැඩි සුළං සමග පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ, ගංවතුර සහ නාය යෑම් තත්වයන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක වර්ධනය වූ අතර බොහෝ පිරිසක් විපතට පත් වූ අතර ප්‍රදේශවල බොහෝ ජිවිත දේපල සහ වගාවන් විනාශයට පත්වී තිබෙන බවත්, කුඹුරු හා කෘෂිකාර්මික ඉඩම් විශාල භූමිභාගයක් ජලයෙන් යට වී ඇති හෙයින් ඔවුන්ගේ ජීවනෝපාය පිළිබඳව විශාල ගැටළු සහගත තත්වයකට පත්ව ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා එහිදී පෙන්වා දුන්නේය.
උතුරු මැද පළාතේ මෙම හදිසි තත්වයක් සමඟ කටයුතු කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ඨානය සහ ආපදා කළමනාකරණ කාර්ය සාධක බලකායක් (DMTF) මේ වනවිට ආපදා සහන මෙහෙයුම් වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින බවත් ජනාධිපති ලේකම් තුමන්ගේ මුලිකත්වය යටතේ විශේෂ කාර්ය සාධක බලකායක්ද පත්කර ඇති අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ත්‍රිවිධ හමුදාපති වරුන් සහ පොලිස්පති තුමන් එහි සාමාජිකයින් ලෙස කටයුතු කරන බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.