සවුදි සේවයට ගිය කතට ඇණ ගිල්වලා
සවුදියේ රියාද් නගරයේ නිවෙසක මෙහෙකාර සේවයේ යෙදී සිටියදී අදාළ නිවෙස් හිමි කාන්තාවගේ පහරකෑමට ලක්වූ පුත්තලම මුක්කුතොඩුවාව ප්‍රදේශයේ කාන්තාවක් පසුගියදා (18දා) නැවත මෙරටට ගෙන්වා ගැනීමට බලධාරීන් විසින් කටයුතු කෙරිණි. පුත්තලම මුක්කුතොඩුවාව පදිංචි එක් දරු මවක වන සුභාෂණි මල්කාන්ති ( 30) මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණදී තිබේ.
විදේශ රැකියා උප ඒජන්තවරයෙකු මගින් පසුගිය වසරේ ජූලි මසදී සවුදියේ ගෘහ සේවිකාවක ලෙස රියාද් නගරයේ නිවසකට ගොස් සිටියදී එම වසරේම ඔක්තෝම්බර් 15 දින නිවෙස් හිමි කාන්තාවගේ පහරදීමට ලක්ව ඇත.
තමන් මුහුණ දුන් තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ සුභාෂණි මහත්මිය මෙසේ පැවසුවාය.
"මම නිවසේ වැඩට ගියදා සිටම නිවෙස් හිමිකාන්තාව පහර දෙන්න ගත්තා. මෙම පහරදීම් ඉවසා ගෙන වැඩ කෙරුවත් ඉවරයක් නැති වුණා. දවසක් ගෙදර රෙදි සෝදන යන්ත්‍ර තියෙද්දී මට අතින් රෙදි සෝදන්න කියලා කියුවා. මම කියුවා අනිත් වැඩ කරන්න තියෙන නිසා අතින් සෝදන්න අමාරුයි කියා. ඊට පස්සේ දිගට හරහට ගහන්න ගත්තා. බැරිම තැන සේරම රෙදි අතින් සේදුවා.
එහෙම කරන අතරතුර මට ගහන්න ගත්තා. දෙන වද ඉවරයක් නෑ. ඒ අතර තමයි මට ඇණ ගිලින්න දුන්නේ. මම බැ කියලා විලාප තියෙද්දී බිම දාගෙන මාව පාගාගෙන ඇණ ගිලින්න කියුවා. මම මරයි කියලා බයට ඇණ ගිල දැම්මා. ඉන් පස්සේ මට අමාරු වුණා. පහුවදා මම අමාරුවෙන් ඉද්දි නිවසේ හිමිකරු මාව සවුදි රෝහලකට ගිහින් දැමුවා.
ඉන් පස්සේ සතියක් විතර මාව රෝහලේ තියාගෙන පස්සේ රැඳවුම් මධ්‍යස්ථානයට දැම්මා. එදා ඉදලා මම ලංකාවට එනකම්ම රැඳවුම් මධ්‍යස්ථානයේ දාල තිබුණේ. අමාරු වුණාම රෝහලට දානවා. ආයේ ගේනවා. ඒ අතරතුර මගේ ගෙදර කට්ටිය මාව ගෙන්න ගන්න උත්සාහ අරන් තිබුණත් නඩුව ඉවර වෙනකම් රඳවා තිබුණා.
කියන්නත් දුකයි අපේ සවුදි තානාපති කාර්යාලය ගැන ඒ අය මා ගැන සොයා බැලුවෙත් නැහැ. ඒ තරමට ඒ නිලධාරීන් නරක අය කියා කියන්නම ඕනා. පස්සේ 18 වැනිදා මාව ලංකාවට එව්වා. ගුවන් තොටුපළේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශ ගිලන් රථයෙන් පුත්තලම මූලික රෝහලට ගෙනත් දැම්මා"
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
