බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලද ගාල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කවලද අද (12දා) මඳ වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල ස්ථාන කිහිපයක සවස 02.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් වැසි සමග එම ප්‍රදේශවල තද සුළං හා අකුණු ඇති විය හැකි හෙයින් ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.