ශ්‍රී ලංකාවට පැමිණ සිටින සල්මන් ඛාන් පාවාදෙන්නෙක් බව එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහ ලේකම් වයිකෝ සඳහන් කරයි.
සල්මන් ඛාන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ සටනට පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් වයිකෝ මෙම අදහස් ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මේ වන තෙක්ම සල්මන් ඛාන් ජනපතිගේ ඡන්ද සටනට එක්වූ බවට නිල තොරුතරක් නොමැති අතර ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ අක්ෂි කාච බෙදා දීමේ වැඩසටහනක් වෙනුවෙනි.
සල්මන් ඛාන් හා ජැකලින් ඊයෙ (30දා) දිවයිනට පැමිණියේය.