ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් දිවයිනට පැමිණ සිටින්නේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ සටන වෙනුවෙන් නොවන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ සල්මන් පැමිණ සිටින්නේ ගංවතුරෙන් විපතට පත්වූවන් පිළිබඳව සෙයා බැලීමට බවයි.
අද (30දා) සන්ධාන මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.
ඓසේම කළාකරුවන්ට පහරදීම හෙළා දකින බවත් නිල් බලකායේ ටී-ෂර්ට් ඇඳ සිටියාට ඔවුන් නිල් බලකායේ සාමාජිකයන් විය නොහැකි බවත් හෙතෙම වැඩි දුරටත් පැවැසීය.