ඉන්දිය ප්‍රිමියර් ලිග තරගාවලිය පිළිබඳව තමන් කනගාටුවන බවත්, එසේම එය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛතාව විනාශ කළ බවත් සර් ඉයන් බොතම් පවසයි. එංගලන්ත ජාතික ඉයන් බොතම් මෙම අදහස් ප්‍රකාශ කළේ ක්‍රීඩාවේ ජිවගුණය සඳහාවන එම්.සී.සී. වාර්ශික කවුඩ්රි දේශනය පවත්වමිනි.
එසේම අයි.පී.එල්. හරහා ක්‍රීඩාවේ ඔට්ටු තැබීම් සඳහා ඉහළ ප්‍රවණතාවක් හිමිවිම නිසා ඒ හරහා තරග පාවාදිම්ද වැඩි වශයෙන් සිදුවන බව බොතම්ගේ අදහසයි.
වසරකට මාස දෙකක් අයි.පි.එල්. කණ්ඩායම් සඳහා ක්‍රීඩාකරන තමන්ව ජාත්‍යන්තර තලයට ගෙන ආ ක්‍රිකට් ආයතන පවා අමතක කරන බවත් ඔහු කියයි.