රාජ්‍ය විශ්වවිද්‍යාලවල විද්‍යාපීඨවලට හා කෘෂි පීඨවලට බඳවාගැනීමේදී දැඩි කප්පාදුවක් සිදුකරමින් සිටින බව සමාජ සමානාත්මතාව සඳහා සරසවි ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
විශ්වවිද්‍යාලවලට බඳවාගැනීම්වලට අදාළව මේ වසරට අදාළ බඳවාගැනීම් ජනවාරි මාසයේදී අවසන් කළ යුතු වුවද, තවමත් එය නිසිලෙස සිදු නොවන බව එම සංගමයේ විධායක කමිටු සාමාජික ආචාර්ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේය.
ජනවාරි මාසය වනවිට සියලුම බඳවාගැනීම් අවසන් කිරීම සඳහා පසුගිය ඔක්තෝබර් මාසයේදී බඳවා ගැනීම් ආරම්භ කළ බවත්, එහෙත් තවමත් මෙම පීඨවලට අදාළ බඳවා ගැනීම් යටතේ 50%ක්වත් තවමත් සම්පූර්ණ කර නොමැති බවත් අද (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා පවසා සිටියේය. මේ ආකාරයට බඳවාගැනීම් පමා කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිතා මතා සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.