සරසවි හා උසස් පෙළ සිසුන් රුධිර පරීක්ෂාවකට
සෑම පාසලකම උසස් පෙළ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ සහ සමස්ත විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගේ සියලුම රෝග සඳහා වන රුධිර පරීක්ෂාවක් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.එමෙන්ම සියලුම ක්‍රීඩා සමාජ සහ තරුණ සමාජ සාමාජිකයන්ට නොමිලේ රුධිර පරීක්ෂාවක් සිදුකරන බවත්, ඉදිරියේදී විශ්වවිද්‍යාල වෙත ඇතුළත් වීමේදී රුධිර පරීක්ෂාව සිදුකර තිබීම අනිවාර්ය කරන බවත් අමාත්‍යවරයා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එච්.අයි.වී. (HIV) ආසාදිත රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක් ඇති වී තිබීම මෙයට හේතු වී තිබේ.තවද අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ලිංගාශ්‍රිත රෝග, බෝ නොවන රෝග සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳ කරුණු පාසල් සෞඛ්‍ය විෂයයට ඇතුළත් කරන බවත්, උසස් පෙළ හැදෑරී සඳහා සෞඛ්‍ය විෂය අනිවාර්යයෙන් සමත් විය යුතු විෂයයක් බවට පත් කරන බවත් අමාත්‍යවරයා කීය.
මේ වසරේ (2015) ඔක්තෝබර් මාසය දක්වා එච්.අයි.වී (HIV) ආසාදිත රෝගීන් 191 ක් වාර්තා වී ඇති අතර, 2010 සිට මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 2265 ක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.එමෙන්ම රුධිර පාරවිලයනයේදී එච්.අයි.වී. (HIV) ආසාදනය වීම කලාතුරකින් සිදුවිය හැකි බවත්, එය උපරිමයෙන් වළක්වාගැනීමට නවීන තාක්ෂණික ක්‍රම අනුගමනය කරන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

