විධායක ජනාධිපතිධුරය සතු අත්තනෝමතික බලතල හේතුවෙන් ප්රජාතන්ත්රවාදය අභියෝගයට ලක්වීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් හෙට (29දා) අරඹන බව සාධාරණ සමාජයක් සඳහා සරසවි ඇදුරෝ සංවිධානය පැවසීය.
එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා 'අද' ට පැවසුවේ ජනතාව දැනුවත් කිරීමට පත්‍රිකා දසදහසක් හෙට පෙරවරු අටේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී බෙදාහරින බවයි.