2016/2017 වසර සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත හෙට(25දා) සිට පෙබරවාරි 20 දක්වා අන්තර්ජාලයෙන් හා පොත්හල් මගින් ලබාගැනීමට ශිෂ්‍යයන්ට අවස්ථාව තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පැවසීය.
අන්තර්ජාලය මගින් ප්‍රවේශ අත්පොත ලබාගන්නේනම් ලියාපදිංචිය සඳහා කිසිදු මුදලක් වැයනොවන බවත්, ඔන්ලයින් ලියාපදිංචි ක්‍රමයෙන් ලියාපදිංචි වූ විට අයදුම්කරුවාගේ දුරකථනයට කෙටි පණිවුඩයක් ලබාදීමට කටයුතු කරන බවත්සභාපතිවරයා සඳහන් කළේය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩි විස්තර ලබාගත හැකි බව පැවසූ මහාචාර්යවරයා පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී බඳවාගැනීම් ආරම්භ කළද මෙවර ජනවාරි මාසයේ සිට බඳවා ගැනීම් ආරම්භ කළ හැකි බවද කියාසිටියේය.